Wednesday, April 24, 2024

General line - 0115112241

ගාස්තු සංශෝධනයක් නොමැති නිසා පෞද්ගලික බස් ධාවනයේ අඩුවක්




ඩීසල් මිල වැඩිවීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීම හේතුවෙන් අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සියයට 90 කින් පමණ අඩුවී ඇති බව පෞද්ලික බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ නව ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන තෙක් පුද්ගලික බස් ධාවනය අවම මට්ටමක පවතිනු ඇති බවයි.

අන්තර් පළාත් බස් රථ ධාවනය ද සියයට 75 කින් පමණ අඩු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බහලුම් රථ ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ඒකාබද්ධ  බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. මේ, එම සංගමයේ සභාපති සනත් මංජුල.