Friday, April 19, 2024

General line - 0115112241

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ව වාහනයක් තුළ බලෙන් රඳවා ගනියි




සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමේ යෝජනාවට විරෝධය පළකරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ සපුගස්කන්ද පිරිපහදුවේ සේවකයින් විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ බලාත්කාරයෙන් ඔහුගේ වාහනයේ රඳවා ගනිමින් විරෝධතාවයක නියැලෙමින් සිටින බව වාර්තා වනවා.
 
උද්ඝෝෂකයින් පවසන්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට පවරන බවට අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පැවසු බවත් එහි සත්‍ය අසත්‍යභාවය  දැනගැනීමට ඔවුන් පැමිණි බවයි.