Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලි ගාස්තු ඉහල දැමීමේ යෝජනාවලිය ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් අනාවරණයක්




ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය සංශෝදනය කර මහජනතාවගේ දැන ගැනීම සඳහා හෙට ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. 

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ එම යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට සිට සති 03ක කාලයක් මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බවයි. අද පස්වරුවේ පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මේ බව කියා සිටියා. 

විදුලි ඒකක 30, 60, 90 මට්ටමේ මාසික විදුලි පරිභෝජනයක්  සිදු කරන පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම සංශෝධන එක් කළ බවද එහි සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

මහජන උපයෝගිතා කොමිසම සිදු කර ඇති සංශෝධනවලට අනුව නව ගාස්තු වැඩි වන ආකාරය සම්බන්ධයෙන්ද එම කොමිසමේ සභාපති ජනක රත්නායක එහිදී කරුණු දැක්වුවා.