Friday, April 19, 2024

General line - 0115112241

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය හෙට




බස් ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පැවසුවේ ප්‍රවාහන විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බස් සංගම් නියෝජිතයින් සාකච්ඡාවට කැඳවා තිබෙනවා. බස් ගාස්තු ගණනය කෙරෙන සූත්‍රයට අනුව ජූලි මස 01 වනදා ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතුයි. එහෙත් ඉන්ධන මිල ඊයේ දිනයේ සිට නැවත ඉහල දැමීම හේතුවෙන් අද සිටම බස් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළා. 

ඒ අනුව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනයද හෙට පැවැත්වෙන සාකාච්ඡාවේදී තීරණය වනු ඇති බවයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.