Saturday, April 20, 2024

General line - 0115112241

ප්‍රබල මහජන විරෝධය හමුවේ ඉන්ධන මිල පහල දැමු රට




ඉන්ධන මිල පහළ දැමීමට ඉක්වදෝර රජය පියවර ගෙන තිබෙනවා. ඒ රජයට එරෙහිව ඉක්වදෝර වැසියන් ආරම්භ කර ඇති ප්‍රබල මහජන විරෝධතා හමුවේයි. කෙසේවෙතත් විරෝධතා හමුවේ ඉක්වදෝර ජනාධිපතිවරයා විසින් එලෙස පහල දමා ඇත්තේ පෙට්‍රල් මිල පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව පෙට්‍රල් ගැලුමක් ශත 10 කින් පහත දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එරට විපක්ෂය ප්‍රමුඛ විරෝධතාකරුවන් ආණ්ඩුවට බල කර සිටින්නේ එම අගයට වඩා වැඩි අගයකින් පෙට්‍රල් මෙන්ම ඩීසල් මිලද අඩු කළ යුතු බවයි. ඉක්වදෝර රජයේ ක්‍රියාපිලිවෙතට සහ භාණ්ඩ හා සේවාවල මිල ඉහල යාමට එරෙහිව එරට වැසියන් විරෝධතා ආරම්භ කළේ ඉකුත් 13 වනදායි. 

දිනෙන් දින උත්සන්න වූ විරෝධතා පාලනය කිරීමට එරට ආරක්ෂක අංශ උත්සහ කිරීමේදී පුද්ගලයින් 06 දෙනෙකුට ජීවිත අහිමි වුණා. තවත් විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මේවනවිටත් ක්‍රියාත්මක උද්ඝෝෂණ හමුවේ ඉක්වදෝරයේ මාර්ග රැසක් අවහිර වී ඇති අතර ගමනාගමන කටයුතු වලට මෙන්ම ඉන්ධන ප්‍රවාහනයට ද ඉන් බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ හමුවේ ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇතැයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. ඉක්වදෝරය යනු දකුණු අමෙරිකාවේ 03 වන විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වනවා.