Thursday, March 28, 2024

General line - 0115112241

පාසැල් පැවැත්වීම ගැන විශේෂ දැනුම් දීමක්




අත්‍යාවශ්‍ය සේවා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය විසින් අද තීරණය කිරීමත් සමග පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් අද පැවති විශේෂ කැබිනට් තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.
 
ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට තීරණය කර ඇත.
 
එමෙන්ම අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි පැවැත්වීමට තීරණය කළ හැකිය.