Saturday, April 20, 2024

General line - 0115112241

ඩී.එස්. දරුවන් අගයයි




කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුරු මණ්ඩලය, ආදී ශිෂ්‍යයන්,සිසු දරුවන් සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වුණා.

එම විද්‍යාලයේ 87 කණ්ඩායමේ අදී ශිෂ්‍යයෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග අංශයේ ප්‍රධානී සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා.

මෙහිදී උත්සව සභාව ඇමතූ විශේෂඥ වෛද්‍ය මහචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමාගේ සියලු අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකාව තුළ හැදෑරීමට කටයුතු කළ බවයි. එමෙන්ම තමා සතු සියලු දැනුම ශ්‍රී ලාංකීය දරුවන් සඳහා ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

 

1 2 3 4 5 6 7 8 9 10