Saturday, April 20, 2024

General line - 0115112241

දෙමළ ඊළම ඕස්ට්‍රේලියාව ඉවත් කරගනී




ඕස්ටේ‍්‍රලියාවේ සංගණන දෙපාර්තමේන්තුව මගින් ඉකුත්දා සිදු කළ නවතම සංගණනයකදී ‘‘දෙමළ ඊළම’’ ලෙස වෙනම කේත අංකයක් නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් ඕස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව එක්ව ඊට විරෝධය පළ කිරීමත් සමග එය ඉවත් කර ගැනීමට ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් තීරණය කළා.

මෙහිදී ඕස්ටේ‍්‍රලියානු ලිබරල් පක්‍ෂයේ මන්තී‍්‍ර ඇලන් ටච් ද ශී‍්‍ර ලාංකිකයන් සමග එක්ව දෙමළ ඊළම වෙනම රටක් ලෙස නම් කිරීම සහා වූ කේත අංකයට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

7107 ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගේ කේත අංකය වනවා.