Thursday, April 25, 2024

General line - 0115112241

යුපුන් අබේකෝන් ගේ වාර්තාව




ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින්.

ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි.

යුපුන් අබේකෝන් මීට පෙර එම වාර්තාව ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් කරගෙන තිබුනේ තත්තර 10.06 ලෙසයි. තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් අද වාර්තා අතරට එක් වුණා.