Friday, April 26, 2024

General line - 0115112241

සඟවා තිබියදී සොයාගත් ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂයක් දක්වා ඉහළට




සඟවා තිබියදී මේ දක්වා සොයා ගත් ඉන්ධන ලීටර් ගණන එක්ලක්ෂ 3095 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට පෙට්‍රල් ලීටර් 27,152 ක්, ඩීසල් ලීටර් 62,723 ක් සහ භූමිතෙල් ලීටර් 13,220 ක් අයත්. 

මේ දක්වා කාලය තුළ සිදුකර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව 954 ක්. එහිදී සැකකරුවන් 885 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේවනවිට රට තුළ ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී තිබුණත්, මසකට පමණ අවශ්‍ය ඉන්ධන තොග තවමත් මෙරට තුළ පවතින බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

ඊට හේතුවී ඇත්තේ බොහෝ පාරිභෝගිකයින් සිය ඉදිරි පරිභෝජනය සඳහා ඉන්ධන තොග රැස්කර ගැනීම බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. 

කෙසේවෙතත් ඉන්ධන තොග සගවන පිරිස් සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව නෙත් නිවුස් වෙත සඳහන් කළේ.