Wednesday, April 24, 2024

General line - 0115112241

දින ගණන් ජනතාව ඉන්ධන පෝලිම්වල




ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අද අලුයමද දිගු පෝලිම් දක්නට ලැබුණා. පිරවුම්හල් වසා තිබුණද කුමන හෝ වේලාවක ඉන්ධන ලබාගැනීමේ අරමුණින් බොහෝ පිරිසක් පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්වල දින කිහිපයක සිට අඛණ්ඩව රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

කෙසේවෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ ඉන්ධන ලබාගැනීම සදහා ජනතාවට තවදුරටත් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි. ඉන්ධන ලබාදීම සදහා ටෝකන් ලබාගැනීමෙන් වළකින ලෙසද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරුණා.

කෙසේවෙතත් යාපනය ප්‍රදේශයේ ටෝකන් ක්‍රමයට ඉන්ධන ලබාදිම වසර ගණනාවක සිට නිසි පරිදි ක්‍රියාත්මක වන පානදුර කෝවිලේ ප්‍රධාන පූජක ලක්ශ්‍රීකාන්ත යෙගදීශන් කුරුක්කල් පවසනවා. එබැවින් එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමෙන් ජනතාවට ගැටළුකින් තොරව ඉන්ධන ලබාගැනීමට හැකි බවයි ඔහු පැවසුවේ. 

මේ අතර ඇහැලියගොඩ පිරවුම්හලේ ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වූ නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු ධර්මපාල රංජිත්ට එහි සිටි ඇතැම් පිරිස් පහරදී ඔහුගේ යතුරු පැදියට දැඩි හානි සිදුකර තිබෙනවා. 

එම ස්ථානයේ ආරක්‍ෂක අංශ නිලධාරීන් රැදී සිටියද ඔවුන් එය වැළැක්වීමට මැදිහත් නොවූ බවයි ඔහු සදහන් කළේ. තමන් සිද්ධිය සම්බන්යෙන් ඇහැලියගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කළ බවද නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු ධර්මපාල රංජිත් සදහන් කළා.