Friday, April 19, 2024

General line - 0115112241

ජූලි අග වනවිට ගෑස් හිගය අවසන් - ලිට්‍රෝ සභාපති කියයි




මේ මස අවසන් වනවිට දැනට පවතින ගෑස් හිගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත සඳහන් කළේ ජූලි 31 වනදා වනවිට ගෑස් මෙට්ට්‍රික් ටොන් 33,000 ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන්ට මෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර ද අඛණ්ඩව නිකුත් කළ හැකි වනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ගෑස් නෞකා සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ මේනවිටත් ගෙවා අවසන් කර ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.   ඒ අනුව ගැටළුවකින් තොරව ගෑස් තොග ආනයනය කිරීමට හැකියාව පවතින බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.