Wednesday, April 24, 2024

General line - 0115112241

බැස්ටියන් මාවතේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට




කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේදී ඉකුත්දා වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය කළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බෙම්මුල්ල, පිටියගෙදර ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කෙරුණා. එහිදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා යතුරු පැදියකින් පලා යාමට උත්සාහ දරා තිබෙනවා. 

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකදී සැකකරු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවියද සොයාගෙන තිබෙනවා.