Thursday, March 28, 2024

General line - 0115112241

අමාත්‍යාංශ 04 කට අධ්‍යක්ෂ ජනරාල්වරු පත් කෙරේ




වහාම කි‍්‍රයාත්මක වන පරිදි අමාත්‍යාංශ 4 කට මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කැබිනට් පති‍්‍රකාවක්ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග සහ ආරක්‍ෂක යන අමාත්‍යාංශවලට මෙලෙස මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් පත්කරනු ඇති.

රජයේ ගණකාධිකාරී සේවයේ සිටින වෘත්තීය සුදුසුකම් සහිත ගණාකධිකාරිවරුන් මෙලෙස පත් කරන බවයි මුදල් අමාතාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප‍්‍රකාශ කළේ.

වසරකදී රුපියල් බිලියන සියයකට වඩා වැඩි මුදලක් වියදම් කරන අමාත්‍යාංශය සඳහා මෙලෙස මූල්‍ය හා ගිණුම් පිළිබද අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් පත්කරන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.