Thursday, April 25, 2024

General line - 0115112241

කුවේට්හි නීතිවිරෝධිව සිටි ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් 71 ක් දිවයිනට (PHOTOS)




නීතිවිරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් 71 දෙනෙකු අද (14) අලුයම දිවයිනට පැමිණියා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඒ අතර කාන්තාවන් හැට දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් නව දෙනෙකු සිටින බවයි.

මොවුන් සේවා ගිවිසුම් කඩකරමින් වසර ගණනාවක් කුවේට්හි රැඳී සිටි ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා.

කුවේට් තානාපති කාර්යාල විසින් පවත්වාගෙන යනු ලබන සුරක්‍ෂා නිවසේ තවත් ශී‍්‍ර ලාංකිකයන් 61 දෙනෙකු රැදී සිටිනවා.

ඔවුන්ද කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගන්නා බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියාසිටියේ.

Image00001kuwait Image00002kuwait Image00003kuwait Image00004kuwait Image00005kuwait Image00006kuwait Image00007kuwait