Friday, March 29, 2024

General line - 0115112241

නිලූකාගේ තරගය ඇරඹේ – තීරණය පැය 2කට පසු




මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් නිලූකා ගීතානි රාජසේකර සහභාගි වන කාන්තා මැරතන් ඉසව්ව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම මැරතන් ධාවන ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 6.00ට ආරම්භ වූ අතර තරගය නිම කිරීම සඳහා පැය 2කට වැඩි කාලයක් ගතවනවා.

මැරතන් ඉසව්ව සඳහා සහභාගි වී සිටින කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 157ක් වන අතර එහි මුළු දුර කිලෝමීටර් 42ක් වනවා.

මේ වන විට මැරතන් ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ බ්‍රිතානයේ Paula Radcliffe යි. ඇය පැය 02යි විනාඩි 15යි තත්ත්පර 25ක දක්ෂතාවයක් වාර්තා කරමින් 2013 වර්ෂයේ ලෝක වාර්තාවට හිමිකම් කීවා.

නිලූකා ගීතානි රාජසේකර ඉතිහාසගත වන්නේ ඔලිම්පික් මැරතන් ඉසව්වක් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වන පළමු කී‍්‍රඩිකාව ලෙසටයි.

rio 2016 marathon

14012408_10210363185302307_139321691_o

14017763_10210363190742443_883023058_n