Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ 110 ක් සමඟ සැණකෙළි සිරි නංවා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇරඹේ




2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, එංගලන්තයේ බර්මින්හැම් නුවරදී අද ආරම්භ වුණා. ඒ, අති උත්කර්ශවත් සහ සැණකෙළි සිරි නැංවූ සමාරම්භක උත්සවයක්ද සමඟයි.

එහිදී නොබෙල් සාම ත්‍යාගලාභී පකිස්තානයේ මලාලා යූසුෆ් සායිද විශේෂ දේශනයක් සිදු කිරීම විශේෂත්වයක්. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ කලේ චාල්ස් කුමරුන් විසින්. බොහෝ රටවල්  සිය රටට ආවේණික අංගයකින් සමාරම්භයට එක්වීම ද උළෙලට එක්කළේ අපූර්වත්වයක්.

රටවල් 72 ක් දින 294 ක් පුරා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරඟ බිමට පිවිසෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 110 ක්. ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,054 දෙනෙකු අද සිට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ බිමට පිවිසෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වැඩිම අවධානයක් යොමුවී ඇත්තේ කෙටි දුර දාවන ශූර යුපුන් අබේකෝන් දෙසයි. 

තරඟ ආරම්භක අද දිනයේ ගෘහස්ථ ක්‍රීඩා ඉසව් රැසක් මෙන්ම පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරඟද ඒ අතරට අයත්. මෙවර තරඟාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමද සහභාගී වනවා.