Friday, April 26, 2024

General line - 0115112241

ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථානමාරු




ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08ක් ඇතු`එ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

ඒ අනුව, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඕ හේවාවිතාරණ ස්ථාන මාරු කර ඇත්තේ පොලොන්නරුව කොට්ඨාශ භාර නිලධාරී තනතුරේ සිට මානව හිමිකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙසයි. නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එස් පී ද සිල්වා, අගමැති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. 

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජේ බී ටී ජයලත්, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ස්ථානමාරු කර ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙතයි. 

ගම්පහ කොට්ඨාශ භාර නිලධාරී තනතුරේ සිට ගම්පොල කොට්ඨාශ භාර නිලධාරියා ලෙස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කේ කේ අයි ද සිල්වා ස්ථාන මාරු කර තිබෙනවා. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ආර් එම් පී එන් රත්නායන, ස්ථාන මාරු කර ඇත්තේ ගම්පොල කොට්ඨාශ භාර නිලධාරී තනතුරේ සිට ගම්පහ කොට්ඨාශ භාර නිලධාරියා ලෙසයි. 

අගමැති ආරක්ෂක කොට්ඨාශයේ  අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී කළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී එම් එන් පමල්ඩීන් මාරු කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙසයි. 

ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඩී ඩී වී පතිරණ ස්ථාන මාරුකර තිබෙනවා. වැඩ බලන ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී එස් ආර් එච් ගමගේ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට පොලොන්නරුව කොට්ඨාශ භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. 

බදුල්ල කොට්ඨාශයේ රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී ආර් ජේ එම් ගුණවර්ධන ස්ථාන මාරු කර ඇත්තේ නිකවැරටිය කොට්ඨාශය වෙතයි. 

මීට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 07 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.