Thursday, April 25, 2024

General line - 0115112241

මැති සභයේ සියලු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් දැනුම්දීමක්




අගෝස්තු 03 වනදා පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සියලු මන්ත්‍රීවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. 

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය එදින පෙරවරු 10යි 30ට ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා  විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට  නියමිතයි. එදිනට අදාල න්‍යාය පත්‍රය සහ අනෙකුත් විස්තර පාර්ලිමේන්තු වෙඩ් අඩවියේ ඇතුලත් බවයි මහ ලේකම්වරයා මන්ත්‍රීවරුන්ට යැවූ ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. 

09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය ඉකුත් 28 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණා. එලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 70 වන ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්.