Saturday, April 20, 2024

General line - 0115112241

දෛනික විදුලි කප්පාදුව පැය 14ක් දක්වා වැඩි විය හැකි බවට අනාවරණයක්




රටේ පවතින ආර්ථික ගැටළුවලට විසදුම් ලබා දීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. 

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ බව සදහන් කළේ උදාහරණයක්ද ගෙනහැර දක්වමින්.

එහිදී ඔහු සඳහන් කලේ මිට දින කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් මිලියන 320ක ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය බවට මහ භාණ්ඩාගාරයට දැනුම් දී සිටින බවයි. මෙහිදී මහ භාණ්ඩාගාරය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහ භාණ්ඩාගාරය වෙත දැනුම් දී තිබෙනවා අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට අදාළ ගල් අඟුරු තොග මිලදී ගැනීමට නොහැකි වුවත් දෛනික විදුලි කප්පාදුව පැය 14ක් දක්වා වැඩි කිරීමට සිදුවනු ඇති බවට.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ,