Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති දළදා සමිදුන් වැඳපුදා ගනී




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දළදා සමිදුන් වැද පුදා ගත්තා. දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපතිවරයා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් විසින් පිළිගනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දළදා සමිදුන් වැද පුදා ගත් ජනාධිපතිවරයා ඉන් අනතුරුව විශේෂ අමුත්තන් සදහා වන සමරු සටහන් පොතේ සටහනක්ද තැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුඑ මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් කිහිප දෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කිහිපදෙනෙක්ද මහනුවර දළදා මාලිගාවට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.