Wednesday, April 24, 2024

General line - 0115112241

ඉසුරු කුමාර ශ්‍රී ලංකාවේ පදක්කම් සිහිනය සැබෑ කරයි




එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හිමිකර ගත් පළමු පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

මෙම ඉසව්වේ රන් පදක්කම හිමිවුණේ මැලේසියාවට වන අතර රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි.