Friday, March 29, 2024

General line - 0115112241

ජනපති ධජය සොරකම් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට




ජනාධිපතිවරයාට හිමි නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි මෙම සැකකරු ඊයේ පොලිසියට භාර වුණා. 

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ. 

ඉකුත් 09 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබූ ජනාධිපතිවරයාගේ ධජය සොරකම් කර එය ඇඳ ඇතිරිල්ලක් වශයෙන් භාවිත කරන වීඩියෝවක් ද සැකකරු විසින් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා. ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර පසුව සැකකරු කොළඹ ඩෑම් වීදිය පොලීසියට පැමිණ භාරවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියම කර තිබෙනවා.