Thursday, April 25, 2024

General line - 0115112241

හදිසි නීතිය පැනවූ හේතුව අගමැති කියයි




හදිසි නීතිය පනවනු ලැබුවේ අරගලකරුවන් පාලනය කිරීමට නොව රටේ එදිනෙදා කටයුතු පාලනය කිරීම සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. 

කොස්ගම ප්‍රදේශයේදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.  

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පල කළේ සිය පියාණන් වන පිලිප් ගුණවර්ධන මහතාගේ කොස්ගම බොර`එගොඩ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි.