Friday, April 19, 2024

General line - 0115112241

කොවිඩ් අවදානම සමග ඇතිවිය හැකි තත්ත්වයක් ගැන වෛද්‍යවරුන් අනතුරු අඟවයි




දෛනිකව වාර්තා වන කොරෝනා ආසාධිතයින්ගේ ඉහල යාම හමුවේ ඉදිරියේදී කොරෝනා මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

වෛද්‍ය හරිත අලුත්ගේ අද පැවති මධ්‍ය හමුවකදී පැවසුවේ එය පාලනය කර ගැනීම සඳහා ජනතාව යලිත් සෞඛ්‍ය පුරුදුවලට අනුගත විය යුතු බවයි. 

මෙහෙයුම් මැදිරිය යලි සක්‍රීය කිරීමටත්, තාක්ෂණික කමිටුව කැඳවා අවශ්‍ය තාක්ෂණික තීන්දු තීරණ ගැනීමටත් සිය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දැන් වූ බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.