Wednesday, September 28, 2022

General line - 0115112241

QR ක්‍රමයට පිටින් ඉන්ධන දෙන පිරවුම්හල් ගැන දැනුම් දෙන්න අමාත්‍යංශයෙන් දුරකථන අංකයක්

410Views



 

 

 

අංක තහඩුවේ අවසන් අංකය අනුව සහ ටෝකන් ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය අදින් අවසන් වනවා. ඒ අනුව ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් QR කේතය අනුව ඉන්ධන ලබාදීම හෙට සිට ආරම්භ වනවා. 

ඉන්ධන බෙදාහැරීමේදී QR ක්‍රමවේදයට අනුගතවූ ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙන බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ. 

විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය වෙනත් උපකරණ භාවිත කරන පුද්ගලයින්ට ලියාපදිංචි වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳූන්වාදී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල යන කරුණු ඇතුළත් කර අදාළ ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. 

මේ අතර මාර්ග බලපත්‍ර සහිත පෞද්ගලික බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් කෝටාවක් යටතේ ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ධාවනයේදී පවතින කිලෝ මීටර් ගණන අනුව මෙම ඉන්ධන ලබාදීමේ කෝටාව ක්‍රියාත්මක බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ. 

මේ අතර බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා භාවිත වන රථවාහනවලට ඉන්ධන ලබාදීම ද ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් සිදුකරනු ලබනවා. එමෙන්ම ගිලන්රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසයි බලශක්ති අමාත්‍යංශය සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා සිටින්නේ. 

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීම සඳහා මේවනවිට පාරිභෝගිකයින් මිලියන 05 ට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙනවා. ඊයේ රාත්‍රී 08 යි 30 වනවිට ඉන්ධන පිරවුම්හල් 1060 ක් මෙම QR ක්‍රමවේදයට සම්බන්ධ වී ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

වාහන චැසි අංකයේ ගැටළු පවතින පිරිස් සඳහා ආදායම් බලපත්‍රය භාවිත කරමින් මෙම ූඍ ක්‍රමවේදයට ලියාපදිංචි වීම සඳහා අද සිට අවස්ථාව හිමිවන බවයි එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

මේ අතර QR ක්‍රමවේදයට පරිබාහිරව පිරවුම්හල්වලින් හෙට සිට ඉන්ධන නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. 

ඒ අනුව QR ක්‍රමවේදයට බැහැරව ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පැහැදිළි ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් 074 - 2 123 123 අංකයට වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර ලෙසයි බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ. එම අංකය නැවතත් 074 - 2 123 123.