Tuesday, April 23, 2024

General line - 0115112241

FCIDය ගැන නාමල්ගෙන් අලුත් හෙළිදරව්වක්




වත්මන් ආණ්ඩුව පොරොන්දු ඉටු නොකර රාජපක්ෂ පවුල සිර භාරයට ගැනීමට පමණක් කටයුතු කරමින් සිටින බව හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා. ඒ ගිනිගත්හේන ප‍්‍රදේශයේ අද (14) පැවති රැස්වීමක් අමතමින්.

මෙහිදී නාමල් රාජපක්ෂ මන්ති‍්‍රවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ කළා.

“FCIDය කියන්නේ පොලීසියක් නෙමෙයි සිරිකොතේ ශාඛාවක්. හැම කාමරයකම මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පින්තූරේ ගහලා තියෙනවා. සමහර විට එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තෙක් විදිහට මෛත්‍රීපාල ජනාධිපතිතුමා යන හින්දද දන්නේ නැහැ. හැබැයි එතුමාගේ පොලීසිය තමයි ජනාධිපති විමර්ෂණ කොමිසම. අපිනම් ඔය දෙක තුනටම ගිහිල්ලා තියෙනවා. සමහර වෙලාවට ගියාම සතියක් දෙකක් නිවාඩු හම්බවෙනවා. හෙට මට එන්න කියලා තියෙනවා තව කට උත්තරයක් දෙන්න. මම බලන් ඉන්නවා අපේ පොලිස්පතිතුමා හෙට නීතිය නමනවාද කියලා මාව ගන්න”.

රටේ වෙනසක් ඇති කිරීම සඳහා ඡන්දය ලබාදුන් ජනතාවට දැන් යථාර්ථය වැටහී ඇතැයි නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා. එම හඬපටය පහතින් දැක්වේ.

මෙම රැස්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මස්කෙළිය ආසනයේ සංවිධායකයින් පිරිසක් එක්ව සිටියා.

01 02 04