Thursday, April 25, 2024

General line - 0115112241

පුත්තලමේත් වෙඩි තැබීමක්

ජූඩ් සමන්ත




පුත්තලම, කරඹනාච්චිකල්ලිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය සඳහන් කළා. 

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය පැවසුවේ. 

ඉඩම් ආරවුලක් හේතුවෙන් තුවාලකරුගේ වැඩිමහල් සහෝදරයා විසින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.