Wednesday, April 17, 2024

General line - 0115112241

අභියෝග හමුවේ රටවැසියන් ආරක්ෂා කර ගැනීම රජයේ අරමුණයි - අගමැති මහනුවරදී කියයි

කමල් සුරවීර / හේරත් ඒකනායක




රට මුහුණ දි සිටි අභියෝග හමුවේ සියළු රටවැසියන් ආරක්ෂා කර ගැනීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද පෙරවරුවේ මහනුවරට පැමිණ  දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

හදිසි නීතිය පනවා තිබීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේදී බාධාවක් වේදැයි මාධ්‍යවේදීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. 

ගාලුමුවදොර විරෝධතා භූමිය ආසන්නයේදි පුද්ගලයින් පිරිසකට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කළ පුද්ගලයින් එරෙහිව පමණක් එහිදී කටයුතු කළ බවයි.