Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති එවූ ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එන්නැයි ආරාධනා කර නැහැ - පාඨලී කියයි




සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම මේ මොහොතේ ඵලක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්  පිහිටුවීමට තිබුණේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමට පෙර බවයි. 

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව කටයුතු කරන්නේ සැගවුණු න්‍යාය පත්‍රයක් හේතුවෙන් බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික එකගතාවක් බවයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙසට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලිඛිතව දැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළා. 

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක සඳහන් කළේ ජනාධිපතිවරයා යොමු කළ එම ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි කිසිඳු ආරාධනයක් සිදුකර නොමැති බවයි.