Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරෙන් ඉවත් කිරීමේ උත්සහයක් ගැන අනාවරණයක්




දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා වෙනත් අමාත්‍යංශයක නිලධාරියෙකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. නව නිලධාරීයා එම තනතුරට පත් කිරීමට අදාළ  යෝජනාව හෙට දිනයේ පැවැත්වීමට නියමිත  අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වන්නේ. 

මේවනවිට දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ කටයුතු කරන ධම්මික ජයසුන්දර එම තනතුරට පත් කර ඇත්තේ එවකට සිට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලබාදුන් නිර්දේශ මත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අනුව ධම්මික ජයසුන්දර දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත් කර ඇත්තේ සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබාගත් නිලධාරීයා ඔහු වීම හේතුවෙන්. එය එවකට සිටි අමාත්‍ය මණ්ඩලය ද අනුමත කර තිබුණා. 

කෙසේවෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට නව නිලධාරීයෙකු පත් කිරීමට අදාළ යෝජනාව  හෙට දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ එම ක්‍රම්වේදයෙන් බැහැරව බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.