Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන ලීටර් එක්ලක්ෂ 80,000 ක් සමග සැකකරුවන් 1145 ක් වැටලීම්වලදී අත්අඩංගුවට




නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම්, ගබඩා කිරීම සහ අලෙවි කිරිම සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී ඉන්ධන ලීටර් එක්ලක්ෂ 80,000 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

වැටලීම් 1220 කදී සැකකරුවන් 1,145 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. මෙම ඉන්ධන තොගයට ඩීසල් ලීටර් එක්ලක්ෂ 23,945 ක්, පෙට්‍රල් ලීටර් 38,029 ක් සහ භූමිතෙල් ලීටර් 19,238 ක් අයත්. 

මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බණ්ඩාරගම, ඌරාපොල, ගල්ගමුව, නාල්ල සහ තංගල්ල යන ප්‍රදේශවලදීයි. අද උදෑසන සහ ඊයේ දිනයේදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ.