Friday, April 26, 2024

General line - 0115112241

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

රංජිත් රාජපක්‍ෂ




මධ්‍යම කදුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථනයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකොන් පැවසුවේ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම සහ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බවයි.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමත් සමග අද සිට ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.