Friday, March 29, 2024

General line - 0115112241

චීන විරෝධතා මධ්‍යයේ අමෙරිකානු කතානායක ආසියානු සංචාරය අරඹයි




චිනයේ විරෝධතා මධ්‍යයේ අමෙරිකාවේ කථානායක නැන්සි පෙලෝසි සිය ආසියානු සංචාරය ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ සිය සංචාරයට සමගාමීව නැන්සි පෙලෝසි සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල සංචාරය කිරීමට නියමිතයි බවයි. 

කෙසේවෙතත් ඇය මෙම සංචාරයේදී තායිවානයට පැමිනෙණු ඇති බවට මෙතෙක් අමෙරිකාව තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මීට පෙර වාර්තා පළ වුණේ නැන්සි පෙලෝසිගේ ආසියානු සංචාරය අතරතුර ඇය තායිවානයට ද පැමිණීමට නියමිත බවයි. එම වාර්තා පළවීමත් සමග චිනය ඊට දැඩිව විරෝධය පළ කළා. 

අනතුරු ඇගවීමක් ද නිකුත් කරමින් චීනය පැවසුවේ අමෙරිකාවේ කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියහොත් එය බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි සිදුවීමක් වනු ඇති බවයි. 

කෙසේවෙතත් නැන්සි පෙලෝසි මේ වනවිට හවායි දූපත් වෙත පැමිණ සිටින අතර ඇය තායිවානයට පැමිණෙන බව මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වසර 25කින් තායිවානයට පැමිණ නොමැති බවයි.