Friday, April 26, 2024

General line - 0115112241

පස් වනදා සිට ලිට්‍රෝ ගෑස් මිල පහලට




ලබන 5 වනදා සිට ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ එලෙස අඩු කෙරෙන මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. 

මේ අතර අඛණ්ඩව ගෑස් තොග වෙළදපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබෙනවා. බොහෝ ප්‍රදේශවල ගෑස් අළෙවි නියෝජිතයින් වෙත මේ වනවිට වෙනදාට වඩා වැඩි ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් ලැබී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.