Saturday, April 20, 2024

General line - 0115112241

ලක්‍ෂපාන සහ කැණියොන් ජලාශ වාන් දමයි - කැළණි ගගේ ජල මට්ටමත් ඉහළට

රංජිත් රාජපක්‍ෂ




මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. 

එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කල බවයි. ජලාශ දෙකේම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකොන් පැවසුවා.

මේ අතර හැටන් නගර සභා සිමාවට අධික වැසි ඇදහැලීම හේතුවෙන් ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටී වෙලදසැල් දෙකකට හානි සිදුව තිබෙනවා. 

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු සහ ගස් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයද බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.