Thursday, April 25, 2024

General line - 0115112241

රැට්ටා CCD අත්අඩංගුවට




රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පසුගිය මැයි 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවැති විරෝධතාවකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනා යටතේයි. 

මේ අතර රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” සහ හරිත දර්ශන යන දෙදෙනාට විදෙස්ගතවීම වළක්වාළමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කළේ පොලීසිය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි. 

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත  කොටුව පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති ඔවුන් දෙදෙනා විදේශගත වීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට කළ දැනුම්දීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.