Friday, April 19, 2024

General line - 0115112241

පදක්කම් බලාපොරොත්තුවක් සමඟින් යුපුන් අද පොදුරද මඬුලු තරඟ බිමේ




ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වන කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 මූලික වටයේ තරඟයකට සහභාගී වනවා. 

ඔහු සහභාගී වන 06වන මූලික වටයේ තරඟය මෙරට වේලාවෙන් සවස 03යි 10ට පමණ ආරම්භ වීමට නියමිතයි.

 යුපුන් අබේකෝන් මෙම තරඟයට එක් වන්නේ දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙසයි. මීටර් 100 ඉසව්ව තත්පර 09යි දශම 09යි 06කින් අවසන් කිරීම එම ඉසව්වේ ඔහුගේ හොඳම තරඟ නිමි කාලය වෙනවා. 

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරඟයක් සඳහා ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න අද සහභාගී වීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 04යි 20ට පමණ පැවැත්වීමට නියමිතව තිබෙනවා.