Friday, April 26, 2024

General line - 0115112241

ළමුන්ගේ ආකල්පවල සිදුව ඇති වෙනස්වීම් පිළිබද විභාග ක්‍රියාවලියේදී අවධානය යොමු කළ යුතුයි



ළමුන්ගේ ආකල්පවල සිදුව ඇති වෙනස්වීම් පිළිබද විභාග ක්‍රියාවලියේදී අවධානය යොමු කළ යුතු බව හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ  විදුහල්පති කසුන් ගුණරත්න පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලිය හරහා වර්තමානයේ ළමුන්, භාවිතයෙන් තොර දැනුම් උපයන්නන් බවට පත්ව ඇති බවයි හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න වැඩිදුරටත් සදහන් කළේ.