Friday, April 26, 2024

General line - 0115112241

32 වසරකට පසු මවගේ අඩි පාරේ ගොස් දියණිය දිනු රන් පදක්කම




සිය මව රන් පදක්කමක් දිනාගත් ධාවන ඉසව්වෙන්ම වසර 32 කට පසුව ඇයගේ දියණිය ද රන් පදක්කමක් දිනා ගත් අපූරු පුවතක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා බිමෙන් වාර්තා වනවා. මෙම අපූරු පුවත නිර්මාණය කලේ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවක්. ඒ, ඊයේ පැවති මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වේදීයි. 

එහි රන් පදක්කම දිනා ගනු ලැබුවේ ස්කොට්ලන්තයේ එලීස් මැක්කොල්ගන් විසින්. ඒ, තරඟයේ අවසන් මොහොතේදී එතෙක් තරඟයේ ඉදිරියෙන් සිටි කෙන්යානු ක්‍රීඩිකාව තත්ත්පර බිංදුවයි දශම 9 යි දෙකකින් අභිබවා යමින්. 

එහි තවත් විශේෂත්වයක් වූයේ මීටර් දස දහස කාන්තා ධාවන ඉසව්වෙන්ම ඇයගේ මව විසින් ස්කොට්ලන්තයට රන් පදක්කමක් දිනා දී තිබීමයි. ඒ, 1990 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීයි.

තරඟයේ රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව එලීස් මැක්කොල්ගන් ප්‍රේක්ෂකාගාරයේ සිටි සිය මව අසලට දිව ගොස් ඇය සිප වැළඳගත් අතර එම මොහොත සංවේදී අවස්ථාවක් වුණා.