Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයත් ඉන්දියාවේ සරණ පැතීමට යයි




ඇෆ්ගනිස්ථානයට සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජයේ සහය අවශ්‍ය වන බවත් එය රටට විශාල උපකාරයක් වනු ඇති බවත් තලේබාන් පාලනයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පවසා තිබෙනවා.

පසුගියදා තලේබාන් පාලනයේ ප්‍රධාන කොටසක් වන හකානි ජාලයේ ප්‍රධානියා වන ජලාලුදීන් හකානි සහ ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සිරාජුදීන් හකානි අතර විශේෂ සාකච්ඡාවක් පැවති බව සදහන්.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය  සිරාජුදීන් අවධාරණය කළේ සාමකාමී පරිසරයක් සුරක්ෂිත කිරීම සදහාත් , සැපයුම් පවත්වාගෙන යාම සදහාත් ඇෆ්ගනිස්තානයට ඉන්දියාවේ සහය අත්‍යවශය බවයි.

නිම නොකළ ව්‍යාපෘති අවසන් කිරීමට ද ඔවුන්ට   ඉන්දියාව අවශ්‍ය බව දඔහු එහිදී පැවසුවා.

කාබුල් හි ඉන්දීය තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට ඉන්දියාව ගත් පියවර අගය කළ හෙතෙම වැ‍ඩිදුරටත් කියා සිටියේ ව්‍යාපාරික ආයතන, රාජ්‍යතාන්ත්‍රික සහ ජාතික ආයතනයන්හි  සුරක්ෂිත බව තම ආණ්ඩුව විසින් සහතික කර ඇති බවයි.