Friday, April 19, 2024

General line - 0115112241

හොඳ හෝ නරක වුවත් IMF යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි - ජනපතිගෙන් ප්‍රකාශයක්




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව හොද හෝ නරක වුවද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්න කිරීමට රජයට අයිතියක් ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ, අද පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ  ආරාධිත දේශනය සිදු කරමින්. 

මුලින්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීම බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. 

නිසැකවම ඉදිරි මාස 06 තුලදීත් ශ්‍රී ලංකාවට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පළමුව විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතු නමුත් ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.