Tuesday, April 23, 2024

General line - 0115112241

දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය අවසන්




තමන්ට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය, ප්‍රමාණවත් නොමැති බව පවසමින් පෞද්ගලික බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අද පස්වරුවේ අවසන් කෙරුණා. ඒ, ලංගම ඩිපෝ නොමැති ප්‍රදේශවලදී පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට බලධාරීන් පොරොන්දුවීමත් සමඟයි. 

මේ, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න. 

කෙසේ වෙතත් පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පෞද්ගලික බස් ධාවනය අද අඩාල වුණා. මේ හේතුවෙන් බොහෝ මගීන් පත්වුයේ දැඩි දුෂ්කරතාවයකටයි. කෙසේවෙතත් වර්ජනයක් ක්‍රියාත්මක වුවද ඇතැම් ප්‍රදේශවල පෞද්ගලක බස් රථ ධාවනය වන ආකාරයද දැකගත හැකි වුණා.