Friday, March 29, 2024

General line - 0115112241

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වූ පළමු සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇරඹේ




සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන පළමු සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙනවා. සාකච්ඡාව ආරම්භ වුයේ පස්වරු 05ට පමණයි. 

එම සාකච්ඡාවට සහභාගී වන ලෙසට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුණා. ඉකුත් දින කිහිපයේද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක් එක් පක්ෂ සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා කළා.

ඒ අනුව ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයද මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වී සිටිනවා. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමු`එවට සහභාගී නොවන බව කල් ඇතිවම ප්‍රකාශ කර තිබුණා. 

මේ අතර ජනාධිපතිවරයා සහ අරගලයට සම්බන්ධ පාර්ෂවකරුවන්ගේ කණ්ඩායමක් අතර හමුවක්ද අද පස්වරුවේ පැවැත්වුණා.