Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්




බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි පෝරුතොටගේ සමත්ව තිබෙනවා.

18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ අතින් මෙහිදී පරාජයට පත්වුයේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩිකාවයි.

පොදුරදමඩුලු ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු මල්ලවපොර පදක්කමද මෙය වනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වනවිට හිමි කර ගෙන ඇති පදක්කම් ගණන 04ක්. ඊට එක් රිදී පදක්කමක් සහ ලෝකඩ  පදක්කම් 03ක් ඇතුලත්. කවපෙත්ත විසි කිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වට එක් වූ පාලිත හල්ගහවෙල එම රිදී පදක්කම දිනා ගත්තා. 

ශ්‍රී ලංකාව මේ වන විට හිමි කර ගෙන ඇති ලෝකඩ පදක්කම් ගණන තුනක් දක්වා ඉහල ගියේ කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම නෙත්මි පෝරුතොටගේ තමන් සතු කර ගැනීමත් සමඟයි. එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට එක්වූ යුපුන් අබේකෝන් ද ලෝකඩ පදක්කම දිනා ගත්තා. අනෙක් ලෝකඩ පදක්කම දිනා ගැනීමට කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් බර ඉසිලීමේ තරගය නියෝජනය කළ ඉසුරු කුමාර සමත් වුණා.