Friday, March 29, 2024

General line - 0115112241

ඩෙංගු ව්‍යාප්තිය ඉහලට - ඉන්ධන ගැටළුවෙන් කැලි කසල ඉවත් කරන්නත් බාධා




මෙරට ඩෙංගු ව්‍යාප්තිය මේ වන විට සීඝ්‍රයෙන් ඉහල යමින් පවතිනවා. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේද ඉකුත් ජූලි මාසයේදීයී. එම සංඛ්‍යාව 8,919ක්. එය ඉකුත් ජූනි මාසයට සාපේක්ෂව රෝගීන් 2000කගේ වැඩිවීමක්. 

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශයෙන් රෝගීන් 2517ක් වාර්තා වී ඇත්තේ මේ වසරේ එක් ප්‍රදේශයකින් මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි. මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශයෙන් රෝගීන් 1072ක් වාර්තා වී තිබෙනවා. 

මෙවන් පසුබිමක ඉන්ධන ලබා ගැනීමේදී පවතින දුෂ්කරතා හේතුවෙන් ඩෙංගු මර්දන දූමායන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇතැයි පළාත් පාලන සංසදය පවසනවා. එහි සභාපති සමන් ලාල් ප්‍රනාන්දු පැවසුවේ නගරවල එක්රැස් වෙන කැලි කසල ඉවත් කිරීමට පවා මේ වන විට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. 

පළාත් පාලන ආයතන වෙත ඉන්ධන ලබාදීම සඳහාද ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ඔහු පැවසුවේ.