Friday, April 19, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




2021 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වූ අපේක්ෂකයන් ලබන 10 වනදාට පෙර ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග අංකය, නම, විෂය හා අයදුම්කරුගේ වට්ස් ඇප් දුරකතන අංකය 071 815 67 17 යන වට්ස් ඇප් අංකය වෙත යොමු කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ. ලබන 10 වනදායින් පසුව ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා අවස්ථාව හිමිවන්නේ නැහැ. 

2021 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මාසය තුලදී පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.