Friday, April 19, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයට තද වැසි

රංජිත් රාජපක්ෂ




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇද හැලෙනවා. මේ හේතුවෙන් කාසල්රි ජලාශයේ පිටාර මට්ටම ඉක්මවා ගොස් ඇති බැවින් එහි වාන් දැමීම ආරම්භ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මාවුස්සාකැලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වෙමින් තිබෙනවා. එම ජලාශවල ජලමට්ටම ඉහල යාමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උප්පාදනය උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් සදහන් කළේ.