Thursday, April 25, 2024

General line - 0115112241

හදිසි නීතිය ගැන ජනපති කතා කරයි




හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හදිසි නීතිය පනවනු ලැබුවේ ඉකුත්දා ඇති වූ ප්‍රචන්ඩකාරී සිද්ධීන් හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

ඒ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුඑ සමඟි ජන සන්ධනය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. දූෂණය වැලැක්වීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට කෙටුම්පතක්ද ඉදිරිපත් කරන බව එහිදී ජනාධිපතිවරයා පැවසුවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සම්බන්ධයෙන්ද එහිදී අදහස් පල වුණා. 

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ට ඇප නියම කිරීම පිළිබඳ නියෝගය ලබන 08 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ, ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජෝසප් ස්ටාලින් ඇප මත මුදා හරින්නැයි ඔහුගේ නීතීඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.