Friday, March 29, 2024

General line - 0115112241

රාමඤ්ඤ නිකායෙන් ජනපතිට දැනුම්දීමක්




ඉහල තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීමේදී ඊට සුදුසු පුද්ගලයන් පත් කරන්නැයි ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි. 

ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධූර ලබාදීමේදීද පක්ෂ භේද නොතකා කටයුතු කරන ලෙසයි උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ. 

මේ අතර යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධූර සම්බන්ධයෙන් කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මාධ්‍ය හමුවේ මෙළෙස අදහස් පල කළා.